ඔබේ පිළිතුරු ක්ෂණිකව පරීක්ෂා කර, දුර්වල විෂය කොටස් පැහැදිලිකර ගනිමින්, ලංකාව පුරා සිසුන් සමග තරඟවදිමින්, ගණිතය විෂයට A සාමාර්ථයක් හඹා යන්න.
ප්‍රශ්න පත්‍ර තුල ඔබට වැරදුනු ගැටළු වලට අදාළ සියලු විෂය කොටස් ක්ෂණිකව පැහැදිලි කෙරේ. ඔබේ දුර්වලතා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම මෙහිදී ලැබේ.
ප්‍රශ්න පත්‍ර ඔස්සේ ලකුණු ලබාගනිමින්, දිවයින පුරා සිසුන් සමග තරඟ කිරීමට ඔබට අවස්තාව ලැබේ. දිනපතා ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් ඉහළටම යන්න!
ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයක් හරහා ඉතා පහසුවෙන් ප්‍රශ්න පත්‍ර සඳහා මුහුණ දීමේ හැකියාව ඇත. ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ගණිතය ඉගෙනගන්න.
සියලු පාඩම් ආවරණය කරමින්, පුහුණු ප්‍රශ්න පත්‍ර 90+, ඒකක පරීක්ෂණ 30+, සහ මාසික පරීක්ෂණ 10+ කින් යුක්තව ඔබේ විභාග පෙරහුරුව සම්පූර්ණ කරයි.
මුලික සුළුකිරීම් හැකියාව හා වේගය දියුණු කිරීමත්, විෂය කොටස් ආවරණයත් සඳහා ගණිත ක්‍රීඩා අත්විඳින්න. ඉගෙනීම විනෝදජනක අත්දැකීමක් බවට පත්කරගන්න.